Irrigation note - වාරිමාර්ග

wari marga in sinhala explain

වාරිමාර්ග



වගාබිම් වලට ජලය සැපයෙන ක්‍රම දෙකකි

  1. අහස්දියෙන්
  2. වාරිමාර්ග යෝජනාක්‍රම මගින්
වාරිමාර්ග යෝජනා ක්‍රමයක් යනු කෘතිමව සකස් කරන ලද ක්‍රමයක් මගින් කෘෂි බිම් වලට ජලය සැපයීමයි.
මෙහිදී කෙරෙන්නේ ජලය රැස්කර තබාගෙන, පොලවේ සකස් කෙරුණු ඇල මාරිග ඔස්සේ අවශ්‍ය ස්ථානයට ජලය ප්‍රවාහනය කිරීමයි. කුඩා ජල මාර්ගයක් හරහා කළුගලින් බැම්මක් බැද තම වගාවලට, ජලය ප්‍රවාහනය කර ගැනීමට ආදි කාලීන වැසියන් දැන සිටියහ. අනතුරුව ක්‍රමයෙන් ගංගාදර ප්‍රදේශවල වැසියන් පදිංචි වුහ. ආදි ජනාවාස විසිරුණු ගම්මාන ලෙස , වියළි කලාපයේ ගංගාදර අසල බිහිවූයේ ඒ ආකාරයටය.

උදා -: කුඹුක්කන් ඔය අසල විශාල කළුගල් බැම්මක් බැද තිබූ බවට සාක්ශි අදටත් දැකිය හැක.
Kumbukkan oya sri lanka
Kumbukkan oya

වාරිමාර්ග ඉංජිනේරු විද්‍යාව යනු,
  • බෝග වර්ධනය සදහා කෘතිමව පසට ජලය සැපයීමේ ක්‍රියාවලියයි. කාර්‍යක්ශම, අඩු වියදම් ආර්ථික වාරිමාර්ග පද්ධති, ස්වභාවික අවශ්‍යතාවයකට ගැලපෙන පරිදි ගෙතූ සැලසුම් හා පිරිමැවුම් කිරීමේ විද්‍යාවකි.
  • විවිධ ස්වභාවික ජල ප්‍රභවයන් හසුරුවමින් හා සන්න්ද්ධ කරමින්, බැමි, වේලි බැද, ජලාශ ඉදිකර අවසානයේදී කෘෂිකාර්මික ඉඩකඩම් සදහා ජලය බෙදාහැරීමේ ඉංජිනේරුමය කාර්‍යකි.
  • ගංගා පාලනය, ජලහරිත ප්‍රදේශවල ජලාපවාශනය හා ජලවිදුලිය උත්පාදනය කිරීම සදහා මාවැඩ ( Headworks ) පිරිමැවුම් කිරීම පිලිබදව කෙරෙන අධ්‍යනය වාරිමාර්ග ඉංජිනේරු විද්‍යාවට අයත්වේ.


About the author

DILU
Howdy, I am Chathura dilushanka the founder of HelaLK Technologies and SecureSoft.I'm now a full-time freelance web designer, developer, SEO & digital marketing expert based in Sri Lanka. My experience and collaborative and approachable proc…

Post a Comment