Adsense sinhala | Helalk

All about google adsense in sinhala.you can learn A to Z about google adsense

Adsense කතාව එක පොකුරට

adsense, sl, diluwa, lanka, adnetwork

Google Adsense

කියන්නේ Google සමාගමේ තියෙන Google හා අනුබද්ධ සමාගම් වලින් එකක්. මේක දැන්වීම් ප්‍රචාරණය (Online Ads Publisher) සදහා ඉඩ කඩ ලබා දෙන ලෝකේ තියෙන ලොකුම ආයතනය කිව්වොත් මං නිවැරදි. මොකද ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැනේ මේක Google සමාගම සතුවයි පවතින්නේ.
Adsense එකෙන් කොහොමද අපිට දැන්වීම් ප්‍රචාරණය කරන්න දෙන්නේ? 

කොහෙන්ද එයාලට Ads?

මේක වෙන්නේ මෙහෙමයි, Google ආයතනේ තවත් අනුබද්ද සමාගමක් තියෙනවා Google Adword කියලා ඔබ දන්නවා ඇති. මේකෙන් තමයි Adsense එකට Ads ලැබෙන්නේ. මේකෙන් කරන්නේ ප්‍රචාරණය සදහා දැන්වීම් බාරගන්න එකයි.
#හැ, ඒ කිව්වේ මොකක්ද?
හිතන්න ඔබ අන්තර්ජාලය හරහා Website එකකින්  Mobile Phones විකුණන ව්‍යාපාරයක් කරනවා කියා. දැන් ඔබට වශ්‍යයි ඔබේ Sales වැඩිකරගන්න. ඔබ දන්නවා Sales වැඩි කරගන්න නම් Website එකට එන පිරිස වැඩිකරගන්න වෙනවා. මේ සදහා ඔබට පුළුවන් Google Adword භාවිත කරන්න. Google Adword වෙත මුදල් ගෙවා ඔබ ඔබේ ව්‍යාපාරය ප්‍රචනය කරනවා.

#Tv එකේ Redio එකේ Ad එකක් දැම්මා නම් අහන්න දකින්න ලැබෙනවා, එත් මේකේ? :/
අන්න අතනදී තමයි Google Adsense හි ක්‍රියාකාරිත්වය ඇරබෙන්නේ. Google Adword විසින් ලබාගන්න දැන්වීම් Google Adsense හරහා විවිද ක්‍රම ඔස්සේ එම Ads ප්‍රචාරණය වෙනවා.

#මොනාද ඒ ක්‍රම?
Adsense විසින් එම Ads ප්‍රචාරණය සදහා Adsense හා සම්බන්දව ඇති ලොව පුරා Website පවත්වන් යන්නන්ගේ Websites  ඒ වගේම Google සමාගමේ Subsidiaries ආයතන භාවිත කරනවා හරියට. Blogs කරණ අයගේ Blogger sites, Youtube Channel පවත්වන් යන අයගේ Youtube Channel's Videos, CSE (Custom Search Engine) පවත්වන්යනන්ගේ CSE Websites සහ Mobile Apps කරන අයගේ Apps වගේ ඒවා. ඒ වගේම සමහර Ads Google SERP එකේම පෙන්නන්නවා එයාලා.

#Adsense එකෙන් අපිට මුදල් ගෙවන්නේ කොහොමද?
හිතන්න ඔබ Adsense සහිත Website එකක අයිතිකරුවෙක් කියා, දැන් ඔබේ වෙබ් අඩවියේ Google Adsense වෙතින් ලැබෙන Ads ප්‍රචාරණය වේ. ඔබේ Website එකට පැමිණෙන අයකු Ad එකක් Click කලොත් Adsense සමාගම විසන් ඔබට ඒ සදහා කොමිස් මුදලක් ගෙවනු ලබයි.

#කොච්චර ප්‍රමානයක්ද ගෙවන්නේ?
ඒක තීරණය වෙන්නේ ඔබ භාවිතා කරන Adsense platform (Website, Blogger, Youtube ,App, CSE) එක මතයි. ඔබ Website එකක් මගින් මුදල් උපයන්නේ නම් Adword හි Advertiser එක් Visitor කෙනෙකු වෙනුවෙන් ගෙවන මුදලින් 68% ගෙවනු ලබයි.

#ගෙවීම් වෙන්නේ කොහොමද? Click එකකට කොච්චර ගෙවනවද?
ඒක සාදක කිහිපයක්  මත රදා පවතියෙනවා.
• මුලික වශයෙන් Website එකට Traffic (Visitors) එන Country එක මත, සාමාන්යෙන් American, European රටවල් සදහා වැඩි මුදලකුත් Asian රටවල් සදහා ඉතා අඩු මුදලකුත් ගෙවයි.
• ඔබේ Website එක තුල පෙන්වන Ads මත. තරගකාරිත්වය වැඩි ව්‍යාපාරික Ads සදහා වැඩි මුදලක් ගෙවයි තරගය අඩු වෙන තරමට ගෙවන මුදලත් අඩුයි.
• Website එකට Traffic එන Traffic Source මත. Google, Yahoo, Facebook, Twitter, Youtube, and Other Website Ads වගේ ඒව. Google හරහා එන Traffic Ad Click සදහා වැඩිපුර ගෙවයි.
• Website එක සදා ඇති Niche, Category මත සහ භාවිත කර ඇති Keywords මත.
• Google Adsense ගිනුමේ  Active භාවය මත යම් අවස්ථා වල.

සාමාන්යෙන් Ad Click එකක් සදහා $0.01 - $15 පමණ දක්වා ගෙවීම් වෙනවා ඊට අමතරව සිම්ත ප්‍රමාණයක් Ads  සදහා $15 -$200 පමණ දක්වාද ගෙවන අවස්ථා පවතී. වැඩිම ගෙවීමක් සිදුවෙන්නේ $0.01- $4 දක්වායි. Asian Countries සදහා $0.01 -$0.40 බොහෝ විට ගෙවීම් සිදුවේ. American, European Countries සදහා $1 වැඩි ප්‍රමාණයක් බොහෝ විට ලැබෙයි.

#මොනාද තියෙන්න ඕන  Google Adsense පටන් ගන්නේ?
ඒ සදහා Adsense හි නීති රෙගුලාසි වලට අනුකුලව සෑදු සහ Adsense අනුමත කරන පරිසාදන මට්ටමට අනුකුල Website, Blogsite එකක්, Youtube Channel එකක්  Mobile App එකක්  CSE එකක්  තිබිය යුතුයි. පසුව Adsense සදහා Apply කල හැකියි. දින කිහිපයක් තුල ඔබට Approval එක දිය හැකි බව හා නොහැකි බව Email  මගින් දැනුම් දෙයි.

#කොහොමද Google Adsense වලින් මුදල් උපයන්න පටන් ගන්නේ ලේසිම විදිය?
මේක ඔබේ දැනුම සහ කාරණා කිහිපයක් මත රදාපවතිනවා. එත් ලේසිම විදිය ලෙස මං දකින්නේ Website හෝ  Blogsite එකක් පටන් ගන්න එක. Youtube Channel එකක ඔබ පටන් ගත්තත් Adsense Approve වෙන්න නොහිතන කාලයක් යන්න පුළුවන්. CSE පටන් ගත්තත් ඒක මිනිස්සු අතරට ගෙනියන්න සාපේක්ෂව වැඩි මහන්සියක් දරන්න වෙයි. Mobile App එකක් පටන් ගන්න එකට ඔබට දැනුම නැත්තන් ඒ සදහා වැඩි වියදමක් දරන්න වෙයි. ඒ නිසා Website හෝ  Blogsite හදන එක පහසුයි මොකද මුකුත් නොදන්නා කෙනෙක්ට වුනත් ටිකක් ඇත පත ගාලා  වැඩේ අල්ල ගත්ත හැකි.

#Website එකක් හදාගන්න මොනාද ඕන?
Website එකක් හදාගන්න ඔබ ලග කිසිදු මුදලක් නොමැති නම් Blogger. com හරහා හදන එක තම හොද. එහෙම හැදුවත් අව්රුද්දක් සදහා $1 එකක් වියදම් කරලා  Domain name එකක් ගන්න එක තමා හොද. එත් ඔබට යම්කිසි මුදලක් වියදම් කල හැකි නම් හොදම සහ පහසුම ක්‍රමය Wordpress හරහා Website එකක් හදන එකයි.ඒ සදහා Domain name එකට අමතරව Hosting අවශ්‍ය වෙනවා එකට මසකට $2-$5 අතර ගානක් අවම වශයෙන් අවශ්‍ය වෙයි. මේ සදහා ලෝකයේ පිළිගත් Hosting සපයන ආයතනයක් භාවිත කරන තරමට හොදයි

#Website එකක් හදාගන්නේ කොහොමද?
Blogger. com හරහා නම් කෙලින්ම ගිහින් Register වෙලා අදාල පියවරයන් අනුගමනය කරන්න. Domain name එකකුත් Add කරගන්න. Free Domains භාවිත කරන්න එපා. Step by Step කරන හැටි youtube වල තියෙනවා.
Wordpress නම් ඔබේ Domain name එක සදහා Hosting අරගත්තම ලැබෙන Control Panel එකේ Wordpress Install කරගෙන Log වෙන්නයි තියෙන්නේ. Step by Step කරන හැටි youtube වල තියෙනවා.

#දැන් එතකොට කොහොමද Adsense සදහා Approve ගන්නේ?
• මේ සදහා වැදගත්ම දේ තමා Niche, Unique and Quality Content. Adsense හි නීති රෙගුලාසි වලට අනුකුල මාතෘකාවක් ගැන Website එක සැදිය යුතුයි. Copy  නොකරපු සහ ගුණාත්මක භාවයකින් යුතු ගැලපෙන දේවල් Article වල තිබිය යුතුයි.මේ වගේ Article 10-20  විතර ඕන වෙයි, එකක වචන 800ට වැඩි නම් හොදයි. Article ලිවීමේදී English හෝ Adsense සදහා වලංගු භාෂාවක් භාවිත කරන්න, අනිවාර්යෙන්ම SEO (Search Engine Optimization) ගැන අවදානය දෙන්න ඔබ Google හරහා Website Traffic ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්.

• About, Contact, Sitemap, Privacy Policy වගේ Pages ඇතුලත් කරන්න. Privacy Policy සදහා Privacy Policy Generator Website එකක් භාවිත කල හැක. Google කරන්න ඒ සදහා "Privacy Policy Generator" Sitemap එකත් ඒ ආකාරයෙන්ම කල හැකි, Wordpress නම් Plugin එකක් මගින් එක හැකියි.Yoast, All in One SEO වගේ.

• සරල පැහැදිලි Template එකක් භාවිත කරන්න Clear Navigation සහිත, Menu Bar එහෙම.

• Broken Links තියෙන්න දෙන්න එපා.

• Website එක හදලා ඉවර නම් Webmaster tools වලට Website එක ඇතුලත් කර Sitemap එක Submit කරන්න.

• දවස් 5ක් විතර ඔය ගැන්මෙන්ම ඉවසන් ඉදල Adsense වලට Apply කරන්න adsense. com හරහා කෙලින්ම. blogger හරහා දානවට වඩා වැඩේ ලේසි වෙයි. ඉහත සියල්ල නිවැරදිව සිදු වුනා නම් බොහෝ විට ඔබේ ගිණුම දින  2-10 ඇතුලත Approve  වෙයි.

#Adsense අදායම අතට ගන්නේ කොහොමද?
ඊට කලින් ඔබේ ගිණුම Verify විය යුතුයි. ඔබ $10 මුදලක් ඉපැයීමෙන් පසු Pin Number එකක් සහිත  Letter එකක් ඔබට එවනු ලබයි, මේක එවන්නේ ඔබ Adsense ගිණුම සදහා භවිත කල Name & Address වලට අනුවයි. ඒ  Pin Number  එක Adsense එකේ අදාල තැන දාන්න  විතරයි තියෙන්නේ, Letter එක එන්න සති 1-4 අතර කාලයක් යනවා බොහෝ විට. Bank Details අදාල ස්ථානයේ Add කරගන්න. රතු පාට banner එකක් ආකාරයෙන් මේ සියල්ල Adsense ගිණුම තුල පෙන්නුම කරයි. මේ සියල්ල සිදු වී ඇති පසුබිමක ඔබ අවම වශයෙන් $100 මේ මස අවසන් වීමට පෙර උපාය ඇත්නම් ඒ මුදල ඊලග මාසයේ 21-26 අතර දින තුල Bank එකට ලැබෙයි.

ඊට අමතරව එන ගැටළු.

#කොච්චර Try කලත් Approve එක දෙන්නේ නැනේ බං?
හ්ම්,,,, අර කලින් කියපු කාරණා ගැන හොදට ආයේ බලන්න. එත් හරියන්නේ නැත්තන් වෙන Website එකක් හදල Approve අරන් දෙකේම Ads දාගන්න.

#අපේ තියෙන Website සේරටම එක Adsense Account එකක් Use  නැද්ද?
Approve ගත්තට පස්සේ Website කීපයක Ads දැම්මට කමක් නෑ. එහෙම දන්න පුළුවන්. එත් ඔබ සතු සියලු මුදල් එකම සේප්පුවක දමන්න එපා, මොකද Adsense එක, ඔබේ එක  Website එකක ගැටළුවක් නිසා Adsense ගිණුම Banned වුනොත් අනිත් Website ටිකත් අපරාදේ.

#එක්කෙන්ක්ට Adsense Account දෙකක් Use කරන්න බැරිද බං?
පුළුවන් කිහිපයක් වුනත්. එත් Adsense නීති වලට අනුව නම් එක්කෙන්ක්ට එකයි. කිහිපයක් ඔබ ගෙදර එකම ලිපිනයට Register කරනවා නම්, පව්ලේ කෙනෙකුගේ නමක් ඒ සදහා යොදාගන්න. මොකද Name & Address සම්පුර්ණයෙන්ම සමයි නම් Banned වෙයි, සහ එහෙම ඒවා Approve කරන්නේ නෑ.

#වෙනත් රටක විදියට හදපු Adsense Account එකක තියෙන වෙනස මොකක්ද බං?
වෙනසකට තියෙන්නේ Adsense Account එක Register කරපු රට තමා. ඊට අමතරව සමහර අය වෙන රටවල ඒවා Use කරන්නේ Approve කරගන්න තියෙන පහසුව නිසා. American & European රටවල් වලට මෙහෙට වැඩ පහසුවෙන් Approve  වෙනවා. ඒත් එහෙම Use කරන්නත් Address Verify කරගන්න මාර්ගයක් තිබිය යුතුයි. Payment නම් Payoneer Bank හරහා ලබා ගත හැකි රටවල් තියෙනවා. USA,UK,Germany,Italy වගේ ඒවා. Login ip එහෙමත් ඒ රටට අදාල ඒවා භවිත කරන්නේ මොකද මේක ටිකක් අවදානම් කොහොමත්. Adsense නීති වලට විරුද්දයි. හොදම දේ තම මෙහෙ විදියට හදාගන්න එක.

#Adsense වලට ලොග් වෙන්න වෙන්න වෙන Email එකක් Add කරගන්න පුලුවන්ද?
ඔව් පුළුවන්. Email වෙනස් කරගන්න හෝ තව Email එකක් Add කරගන්න.

#Adsense ගුනුම Banned නොවී තියාගන්නේ කොහොමද?
ඒක අමාරු දෙයක් නෙවෙයි. Google Adsense Terms & Condition වලට අනුව වෙබ් අඩවිය පවත්වන් යන්න. මුලිකවම තමන්ගේ Website එකේ Ads තමන් හෝ වෙන කාටවත් කියල Click කරවගන්න එපා. Ad Code  ආකාරයකින් වෙනස් කරන්න එපා. මොනවා විදියකටවත් Fake Traffic or Click භාවිත කරන්න එපා. Adsense නීති වලට අනුකුල Website සදහා පමණක් Adsense Account එක යොදාගන්න. Web Visitor නොමග යන ආකාරයට Ad දාන්න  එපා. Social Media හරහා Traffic ගන්න අයෙක් නම්, බොරු දේවල් යොදාගෙන Traffic ගන්න එපා.

#Adsense ගිනුම Banned වුනොත් නැවත ලබා ගත හැකිද?
99.99% නැවත ලබාගන්න බැහැ, Adsense එකේ තිබ්බ නොගෙවූ මුදල් වත් නැවත ලැබෙන්නේ නෑ.

#Website එකට Traffic ගන්නේ කොහොමද?
ක්‍රම කිහිපයක් තියෙනවා, හොදම ක්‍රමය Website SEO කරන එක. කාලයක් ශ්‍රමයක් මුදලක් වැය වෙන්න පුළුවන්, එත් ලොකු අදමයකට යන්න පුළුවන් පහු වෙද්දී. දවස ගානේ Update කරන්න දේකුත් නෑ. ඊළගට හොදම ක්‍රමය Social Media කාලයත් ශ්‍රමයත් ලොකුවට වැය  කරන්න වෙනවා මේකට නම් දවස් ගානේ වගේ Update කරන්න වෙනවනේ Traffic ගන්න. අනිත එක Advertise කරන එක, මේකට Google Adword හෝ ඒ වගේ  Advertising Networks, Social Media හෝ වෙනත් Websites වුනත් භාවිත කරන්න පුළුවන්, මේකෙදි වැඩියෙන්ම ඕන මුදල් තමා.අවදානමක් තියෙනවා මොකද බලාපොරොත්තු වෙන තරම් Click අවේ නැත්තන් වියදම් වුන ගැනවත් නැති වෙන්නත් පුළුවන්.

අදට කතාව ඉවරයි මතු සම්බන්දයි.
අමතර ගැටළු ඇත්නම් පහලින් කොටාගෙන යන්න.
#adsense #money_earn
@ Sl Diluwa

About the author

DILU
Howdy, I am Chathura dilushanka the founder of HelaLK Technologies and SecureSoft.I'm now a full-time freelance web designer, developer, SEO & digital marketing expert based in Sri Lanka. My experience and collaborative and approachable proc…

Post a Comment