Huawei ban in Android

huawei ban in google.

Huawei දුරකථන සඳාහා Google සහය නවතී.



Google ආයතනය, සුප්රසිද්ධ දුරකථන නිෂ්පාදන සමාගමක් වූ චීනයේ Huawei ආයතනය සමග තිබූ වෙළඳ සම්බන්දතාව පසුගියදා නවතා දමා තිබෙනවා.

මෙම සිදුවීමත් සමග Huawei දුරකථන සඳහා ලබාදී තිබූ ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් ගිවිසුම වෙනස් වීමත් සමඟ පහත සඳහන් වෙනස්කම් මින් ඉදිරියට සිදු වේ.

✔ ඔබ සතුව ඇති කිසිදු Huawei ජංගම දුරකතනයකට මින් ඉදිරියට Software Updates, Google Security Updates සහ Technical Support නොලැබෙනු ඇත.

✔ ඉදිරියේදී නිකුත්වන Huawei දුරකතන සදහා Open Source License යටතේ Android මෙහෙයුම් පද්ධතිය ලබා දුන්නද, Gmail, Google Play, Google Maps, YouTube වැනි කිසිදු සේවාවාක් එම දුරකතනවලට හිමි නොවනු ඇත.

 ✔ දැනට භාවිත කරන Huawei දුරකථන සඳහා ගූගල් Play Store හරහා නවතම ඇප්ස් බාගත කරගැනීමේදී පවා දෝශ ඇතිවිය හැක.

Huawei ප්රධාන විධායක රෙන් පවසන්නේ ⁣තම නිෂ්පාදන⁣ ලොව ඉතා වේගයෙන් ජනප්රිය වන්නට පටන් ගැන්ම නිසා ඇමරිකානු දුරකථන නිෂ්පාදන සමාගම් වලට එල්ලවන පහර වැලැක්වීමට ඇමරිකානු සමාගමක් වන Google මෙය සිදුකරන්නට ඇති බවයි.

කෙසේ වෙතත් චීනය තුල මෙම Google Apps බොහෝමයක් අතීතයේ සිටම එරට රජය විසින් තහනම් කර තිබූ නිසා Huawei ආයතනයට එය එතරම් බලපෑමක් නොවේ.
නමුත් ඔවුන්ගේ මූලික ඉලක්කය වී ඇත්තේ ගෝලීය වෙළදපොළයි.. එම නිසා හැකි ඉක්මනින් නැවතත් Google සමාගම සමග ගිවිසුමකට එලබීම හෝ තමන්ටම ආවේනික වූ අන්තර්ජාල සේවාවන් ගොඩනගාගැනීමට Huawei ආයතනයට සිදුවී ඇත.

මෙම අවධානම පිළිබද පසුගිය මාර්තු මාසයේදී Huawei ආයතනයෙන් විමසූ විට ඔවුන් සදහන් කරේ Google ආයතනයට කිසි ලෙසකින් තම සමාගම වාරණය කිරීමට හැකියාවක් නොමැති බවයි, නමුත් මෙම වාරණයෙන් පසු ගන්නා ඉදිරි පියවර පිළිබඳ Huawei ආයතනය තවමත් කිසිවක් නිල වශයෙන් සදහන් කර නැත.



About the author

DILU
Howdy, I am Chathura dilushanka the founder of HelaLK Technologies and SecureSoft.I'm now a full-time freelance web designer, developer, SEO & digital marketing expert based in Sri Lanka. My experience and collaborative and approachable proc…

Post a Comment