Aralu - අරළු ( Terminalia chebula )
Aralu -
Terminalia chebula සිංහලෙන් අරළු නමින් ද ,අරාබි වලින් කබාලි, ඉංගී්රසි වලින් Myrobalan හා දෙමලෙන් කටුක්කායි යනුවෙන් ද අරළු හැදින් වේ. අනුරාධපුර, කුරුණෑගල, ඌව , බින්තැන්න ආදී පළාත්වලද ඉන්දියාවේ මධ්‍යම පළාතේ සහ බංගලිදේශයේද, මදුරාසියේද, බොම්බායේ දකුණු පළාතේ විශාල වනාන්තරවලද වැවෙන ශාකයකි. අරළු කොළ අඟල් පහේ සිට හය දක්වා දිගටද අඟල් දෙකක් තුනක් දක්වා පළලටද වේ. මල් කහ පාටට හුරු සුදු පාටය. Table of Contents
" භවතේ ජාතා හරිතක්ය ස්වභාමනඃ හරිති සර්වරෝතෝද්ර තේනප්රොන්නාහරීතකී" විෂ්ණුගේ උයනේ උපන් නිසාද විෂ්ණු හා සමාන සුවභාවයක් ඇති නිසාද සියලු රෝග නසන නිසාද අරළුවලට හරිතකී යන විෂ්ණුගේ නාමයම ව්‍යවහාර වේ. සුර අසුර යුද්ධයේදී කිරි මුහුද කළඹා සොයාගත් අමෘතය සක්දෙවිඳුන් පානය කරමින් සිටින අවස්ථාවේ ඉන් බින්දු හතක් කිරි මුහුදට නොවැටී මිහිකත මත පතිත වූයේ සුළු වැරැද්දකිනි. මෙයින් මහත් කම්පාවට පත් ශක්රදේවේන්ද්රයා ප්‍රාර්ථනාවක් කළේය. මාගේ පානයට පමණක් ඇති මේ අමෘතය පොළොවට වැටී විනාශ විය. නමුත් එය මිනිසාගේ ප්‍රයෝජනය සඳහාම පවතීවායි පැවසූ නිසා එම බිංදු හතෙන් පහළ වූ අරළු වර්ග හත මෙසේ නමින් හතකි…