බුලත් වගාව 1 - Bulath Wagawa

bulath wagawa sinhalen blog. bluath wagawe roga.බුලත් වගාව සිංහලෙන්

 බුලත් වගාව 1 - ( Bulath wagawa )

Bulath wagawa sinhalen
බුලත් වගාව 1 


කතෲ අයිතිය
එච්. ඒ. ඒ. සමිත්‍රී
ව්‍යාප්ති නිලධාරිනී
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

1 පළමු කොටස.....

පලමුවෙන්ම අද මම ඔයාලට කියල දෙන්න හදන්නේ බුලත් වගාවක් පටන්ගන්න නම් කොහොමද හොද දල්ලක් තෝර ගන්නේ කියලා.. මොකද හොද අස්වැන්නකට නම් හොද වගාවක් ඕනේ.. හොද වගාවකටනම් හිටව ගන්න දල්ල හෝ පැලය හුගක් හොද වෙන්න ඕනේ..

• ඉස්සෙල්ලම දලු කපා ගන්න හොද නීරෝගී වගාවක් තෝර ගන්න වෙනවා.... ඔයාල හැමෝම දන්නවනේ බැක්ටීරියා රෝගයක් තමයි ප්‍රධානවම බුලත් වලට හානි කරන්නේ කියලා ( මහ ලෙඩේ, තෙල්කුණාව, BLB යන නම් වලින් හදුන්වන තෙල් පැල්ලම් සහිතව කොලවලින් පෙන්නුම් කරලා මුලු වැලම කුණුවෙන රෝගයක්)... ඒ රෝගයෙන් වගාවන් විනාශ වෙලාම යනවා... බැක්ටීරියා වලට ලෝකෙ කොහෙවත් සාර්ථක
ප්‍රතිකාරයක් හොයාගනත් නෑනේ... අන්න ඒ හින්දා විශ්වාසවන්ත වගාවකින් ගන්නනම්
සැලකිලිමත් වෙන්නම ඕනේ..

bulath roga maha lede මහ ලෙඩේ
මහ ලෙඩේ

• ඒ වගේම තමයි පායන කාලයක්නම් තරමක් යටපත් කරන් ඉදලා වැස්සකින් පස්සේ ඉක්මනින්ම මුලු වගාව පුරාම පැතිරෙන්නත් මේ රෝගය හරි හපනෙක්... අන්න ඒ හින්දා දලු කපා ගනිද්දි වැස්සකට පස්සෙ ගන්නවනම් තමයි හොද... මොකද
එතකොට රෝගී තත්වයක් යටපත් කරන් හිටියනන් වැස්සෙන් පන්සෙ මතුවෙනවා... • ඒවගේම තමයි බුලත් දලු වල හැදෙන හරස් අතු තියනව... ඒවට අපි කියන්නේ පළුකන් කියලා... බුලත් වගාවක අස්වැන්න දෙන්නේ මෙන්න මේ පළුකන් වලින් කියල අපි හැමෝම දන්නව...
ඉතින් වැඩි අස්වැන්නක් ගන්න හොද වගාවක් ලබාගන්න නම් මෙන්න මේ වගේ පළුකන් 2-3ක් වත් තියන, ඒ වගේම ලොකු කොල තියන ඉහලට වැඩුණු දලු තෝර ගන්න ඕනේ...
bulath wagawata dallak



bulath palukan බුලත් පලුකන්

( ඉහලින් තියන photo එකේ තියෙන්නේ අන්න ඒ වගේ තෝර ගත්ත දල්ලක්) 

• තවත් දෙයක් තමයි බුලත් දල්ලක් ගත්තහම පේනව නේද පුන්චි පුන්චි මුල් ආපු කොටස්..
අන්න ඒවට කියන්නේ ගැට කියලා... ඒ වගේම ඒ ගැට දෙකක් අතර කොටසට කියන්නේ පුරුකක් කියලා...
හොද දල්ලක තවත් ලක්ශනයක් තමයි මෙන්න මේ පුරුක් කෙටි වීම... ඒකට හේතුව තමයි පළුකන් ඇතිවෙන්නේ ගැට අසලින්... පුරුක් කෙටි වෙනවා කියන්නේ ගැට ගණන වැඩී.. එතකොට ඇතිවෙන පළුකන් ගනන වැඩිවෙලා දෙන අස්වැන්න වැඩිවෙනවා... එහෙනම් තෝර ගන්න වඩාත්ම හොද මෙන්න මේ පුරුක් කෙටි දලුයි... 

• මෙහිදී ඉතාම සිහින්, වඩාත් ලපටි, තදින්ම මේරූ යන තත්වයන්ට නැති මධ්‍යස්ථ මනා
දිගකින් යුක්තවූ දලු තෝරගන්නත් වග බලාගන්න ඕනේ... (පළුකන් 2-3 තියනව කියන්නේ මේ තත්වයන්ගෙන් මග හැරුණු දලු තමයි, හැබැයි පළුකන් ඉතාමත් ලපටි, හැදීගෙන එන මුල කාලෙක නම් තෝරගන්න දලුවල මෝරපු බව ගැන සැලකිලිමත් වෙන්න වෙනවා) 

• මේ විදිහට තෝරගත්ත දලු වගාවෙන් කපා ගනිද්දි ගැටය අසලින්ම (අගල් 1/2 පමණ ගැටය අසල ඉදන් දන්ඩ ඉතිරි වෙන පරිදි, දල්ලට ගැටය ලැබෙන විදිහට) කපාගන්නත් සැලකිලිමත් වෙන්න ඕනේ...

• කපා ගන්න දලු තැලෙන්නෙ නැතිවෙන්න, හිරු එලියෙන් හානි නොවෙන්න අරගන යන්නත් වගබලා ගන්න වෙනවා... දලු ඈතකට අරගන යන්න වෙනව නම්, කෙසෙල් පරඩැල්වලින් හරි පොල් අතු අගිස් වලින් හරි ආවරණය කරලා, ජලයෙන් තෙත් කරලා අරගන යන්නනම් අමතක කරන්න එපා... එහෙම ගෙනිහින් සිසිල් වියලි ස්ථානයකම, අව්ව නොවැටෙන්න තියාගන ඉක්මනින්ම හිටවගන්න නම් වෙනවා...

 ඉස්සරනම් මුලු දල්ලම හිටවල තියනවා.. හැබැයි වැඩි සාර්ථකත්වයක් වගේම එක දල්ලකින් හිටවගන්න පුලුවන් දලු කැබලි වැඩි ගණනක් ගන්න හොදම ක්‍රමය, මම දැන් කියල දෙන්නම්... 

• ඉස්සෙල්ලම දලු කැබලි කපා ගන්න හොදින් කැපෙන පිහියක් හරි බ්ලේඩ් එකක් හරිනම් අත්‍යාවශ්‍ය වෙනවා...
ඒවගෙම වතුර බාල්දියක් ලගින්ම තියාගන්න අමතක කරන්නත් එපා... 
වැඩියෙන්ම දලු ආරක්ෂා කරගන පැල කරගන්න දිලීර නාශක ටිකක් වතුර බාල්දියට එකතු කර ගන්නත් ඔයාලට පුලුවන්...

• ඉස්සෙල්ලම කරන්න ඕනේ දල්ලේ පළුකන් බ්ලේඩ් එකෙන් පරිස්සමින් ඉවත් කරගන්න එක.. පළුකන අසල කොලය නොකැපෙන විදිහට... 

• දල්ලේ මුදුනේ ඉදන් පුරුක් දෙකක් පමණ වෙනකන් ඉතාම ලපටි කොටස වගේම පහලින් ඇති හුගාක්ම මේරූ පුරුක් ඉවත් කර ගන්න ඕනේ... මේ ගැන දල්ල අතට ගත්තහම ඔයාලට පැහැදිලි වෙනවා.. මොකද ඒවගේ කොටස්වල පැලවීමේ හැකියාව හරිම අඩුයි කියල ඔයාලටම දැනෙවී...

bulath palukan


• ඊට පස්සෙ උඩින්ම තියන ගැටය ලග කොලය අපට අවශ්‍ය දඩු කැබැල්ලට ඉතුරු වෙන විදිහට, ගැටය දෙපැත්තටම සමව ලැබෙන පරිදි ආනතව, නොතැලෙන්න කපා ගන්න ඕනේ... මේ විදිහටම ඊට පහල කොටසේ දළු කැබැල්ල්ට කොලය ඉතුරුවෙන විදිහට, ගැට තුනකුත් පුරුක් දෙකකුත් වෙන විදිහේ දලු කැබලි කපා ගන්න ඕනේ... හරියටම කියනවනම් දෙපැත්තට ගැට බාග බැගින් දෙකකුත් මැද ගැටයකුත් වෙන පුරුක් දෙකක් සහිත දඩු කැබලි කපා ගන්න ඕනේ...
බුලත් වගාව


( ඉහල තියන photos දෙක බලන්න... වම් පැත්තෙ එකෙන් පැහැදිලි වේවී කපා ගන්න විදිහ... දෙවෙනි එකෙන් පෙනේවී ඔයාල කපා ගන්න ඕනේ/කපාගත්තට පස්සෙ ලැබෙන විදිහෙ දළු කැබැල්ල)

bulath palukan kepima

bulath dadu

දලු කැබැල්ලකට කොල දෙකක් ඉතිරිවෙනවා.. මේ විදිහට කපා ගනිද්දි එක දල්ලකින් වැඩි කැබලි ප්‍රමාණයක් ගන්න ඔයාලට පුලුවන් වෙනවා...

බුලත් දඩු

• මෙහෙම කපා ගන්න දලු ඒ සැනින්ම කලින් ලෑස්ති කරගත්ත දිලීර නාශක මිශ්‍ර වතුර සහිත් බාල්දියට සිටුවන කෙලවර ගිල්වෙන විදිහට දාන්න ඕනේ... ඒකට හේතුව තමයි කැපුම් කෙලවරින් වාතය ඇතුළු උනොත් පැලවෙන වේගය අඩුවෙනවා.. හැබැයි ජල බදුනට දාපුවහම කැපුම් කෙලවරින් ඇතුලුවෙන්නේ ජලය හින්දා එහෙම බාදාවක් සිදුවෙන්නෙ නැතිවීම....
• මෙහෙම කපාගත්ත දලු හිටවගන්න ක්‍රම දෙකක් තියනවා... එකක් කෙලින්ම ක්ශේත්‍රයේ  අනික බදුනක පැලකරගන පසුව ක්ශේත්‍රයේ... ඒ දෙකෙත් කියල දෙන්න ලොකු විස්තර දෙකක් තියනවා... අදට මෙතනින් නතර කරන්නම්... ඉදිරි post එකකින් ඒ ගැන කියල දෙන්නම්... 

About the Author

Howdy, I am Chathura dilushanka the founder of HelaLK Technologies and SecureSoft.I'm now a full-time freelance web designer, developer, SEO & digital marketing expert based in Sri Lanka. My experience and collaborative and approachable proc…

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.