බුලත් වගාව 1 - Bulath Wagawa
බුලත් වගාව 1 - ( Bulath wagawa )
කතෲ අයිතිය එච්. ඒ. ඒ. සමිත්‍රී ව්‍යාප්ති නිලධාරිනී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 1 පළමු කොටස..... පලමුවෙන්ම අද මම ඔයාලට කියල දෙන්න හදන්නේ බුලත් වගාවක් පටන්ගන්න නම් කොහොමද හොද දල්ලක් තෝර ගන්නේ කියලා.. මොකද හොද අස්වැන්නකට නම් හොද වගාවක් ඕනේ.. හොද වගාවකටනම් හිටව ගන්න දල්ල හෝ පැලය හුගක් හොද වෙන්න ඕනේ.. • ඉස්සෙල්ලම දලු කපා ගන්න හොද නීරෝගී වගාවක් තෝර ගන්න වෙනවා.... ඔයාල හැමෝම දන්නවනේ බැක්ටීරියා රෝගයක් තමයි ප්‍රධානවම බුලත් වලට හානි කරන්නේ කියලා (
මහ ලෙඩේ, තෙල්කුණාව, BLB යන නම් වලින් හදුන්වන තෙල් පැල්ලම් සහිතව කොලවලින් පෙන්නුම් කරලා මුලු වැලම කුණුවෙන රෝගයක්)... ඒ රෝගයෙන් වගාවන් විනාශ වෙලාම යනවා... බැක්ටීරියා වලට ලෝකෙ කොහෙවත් සාර්ථක ප්‍රතිකාරයක් හොයාගනත් නෑනේ... අන්න ඒ හින්දා විශ්වාසවන්ත වගාවකින් ගන්නනම් සැලකිලිමත් වෙන්නම ඕනේ.. • ඒ වගේම තමයි පායන කාලයක්නම් තරමක් යටපත් කරන් ඉදලා වැස්සකින් පස්සේ ඉක්මනින්ම මුලු වගාව පුරාම පැතිරෙන්නත් මේ රෝගය හරි හපනෙක්... අන්න ඒ හින්දා දලු කපා ගනිද්දි වැස්සකට පස්සෙ ගන්නවනම් තමයි හොද... මොකද එතකොට රෝගී තත්වයක් යටපත් කරන් හිටියනන් වැස්සෙන් පන්සෙ මත…