Land Surveying - බිම් මැනීම 1
Image by macrovector on Freepik |
Table of Contents
කුඩා ඉඩමක් / භූමියක්/ ප්‍රදේශයක් මනිනු ලබන අවශයතා.
- සිතියම් නිර්මාණයට,
- අයිතිවාසිකම් තහවුරු කිරීමට.
- වර්ගඵලත් පරිමාත් නිර්ණය කිරීමට.
- ඉංජිනේරු ඉදිකිරීම් නිර්මාණ කටයුතු කිරීමටත් අනතුරුව එම නිර්මාණ වලට අනුව ඉදිකිරීම් සිදුකිරීමටත්. ( මාර්ග, නගාඩනැගිලි, ඇලවේලි, ජලාශ, ජලනල සැපයුම් මාර්ග, අපවහන නල මාර්ග ආදිය)
- යුධමය කටයුතු සඳහා.
- පතල් කටයුතු සඳහා.
- පුරාවිද්‍යා ගවේශන කටයුතු වලදී හා එම ස්මාරක සංරක්ෂණ කටයුතු වලදී.
- නාවික කටයුතු වලදී.
- දේශ සීමා කටයුතු වලදී.
- ඉගෙනීම් කටයුතු වලදී.
මැනීම ප්‍රධාන කොටස් දෙකකකි
- බිම් මැනීම - තිරස්තලයේ කරනු ලබන මැනුම් කටයුතු.
- මට්ටම් ගැනීම- සිරස්තලයේ කරනු ලබන මැනුම් කටයුතු.
බිම් මැනීම. Land Surveying.
- පොලව මතුපිට පිහිටි ස්වභාවික හා කෘතිම ලක්ෂණ,
- යම්කිසි පරිමාණයකට අනුව හා සම්මත ක්‍රමයකට අනුව,
- සැලසුම් ගත කිරීමට හෙවත් කඩදාසියක ඇදීමට අවශය වන්නාවූ,
- නිවැරදි මිනුම් ගැනීමේ හා දත්ත රැස්කිරීමනම් ක්රමාණුකූල ක්‍රියාවලිය හෙවත් ශිල්පය, බිම් මැනුම ලෙස සදහන් කල හැකිය.
බිම් මැනුමේ ප්‍රධාන වර්ග. Main Type of Land Surveying.
- තල බිම් මැනුම. (Plane Surveying)
- භූමිතික බිම් මැනුම. (Geodetic Surveying)
තල බිම් මැනුම. (Plane Surveying)
පෘථිවියේ වක්‍රතාවය නොසලකා හරිමින් කුඩා ප්‍රදේශවල සිදුකරනු ලබන මිනුම් තල බිමි මැනීම ලෙස හැදින්විය හැක. එහිදී මැනීමට නියමිත එම ප්‍රදේශය තුල පොලවෙහි මධයන්ය පෘෂ්ඨය තිරස් තලයක් යැයි උපකල්පනය කොට මැනුම් කටයුතු සිදු කරනු ලැබේ. මෙසේ උපකල්පනය කල හැක්කේ එම ප්‍රදේශයේ ප්‍රමාණය යම් සීමාවක් දක්වා වේ. අප මෙහිදී ඉදිරියට සාකච්ඡා කරනු ලබන්නේ තල බිමි මැනීම පිලිබදවයි.
භූමිතික බිම් මැනුම. (Geodetic Surveying)
Photos by freepik |
පෘථිවියේ වක්‍රතාවය සලකා ගනිමින් විශාල ප්‍රදේශවල ජාතික මට්ටමින් සිදුකරනු ලබන මිනුම් භූමිතික බිමි මැනීම ලෙස හැදින්විය හැක.
කුඩා ඉඩමක / භූමියක / ප්‍රදේශයක තිබිය හැකි විවිධ ලක්ෂණ.
- විවිධ හැඩ වලින් - ත්‍රිකෝණාකාර, සමචතුරස්‍රාකාර, සෘජුකෝණාස්රාකාර, වෘත්තාකාර, අවිධිමත්.
- විවිධ ප්‍රමාණ වලින් - කුඩා, මධයම, විශාල.
- විවිධ භූගෝලීය - ශාක සහිත, කඳු සහිත, වලවල් සහිත, ඇලවල් සහිත, වගුරු සහිත.
- විවිධ භෞතික - ස්ථිර ඉදිකිරීම් සහිත - ගොඩනැගිලි, ඇලවේලි, නලමාර්ග, වෙනත් වශයෙන්.
බිම් මැනුමේ මූලධර්ම. (Principles of surveying)
- පූර්ණයෙන් කොටසට වැඩ කිරීම. (Working from hole to the part)
- ප්‍රමාණවත් ආවේක්ෂණ යොදා ගැනීම. (Take adequate checking measurements)
- මැනුම් කටයුතු සඳහා සුදුසු ක්‍රම යොදා ගැනීම. (Select suitable methods)
පූර්ණයෙන් කොටසට වැඩ කිරීම. (Working from hole to the part)
මැනීමට ඇති සම්පූර්ණ බිම් ප්‍රදේශය ම ආවරණය වන පරිදි එය වටේට ම දිවෙන සේ නිරවද්‍යතාවයක් සහිතව පාලන ලක්ෂ හා මැනුම් රේඛා පිලියෙල කර ගන්න. මෙය ප්‍රධාන පරික්‍රමණය යි.
අභ්‍යන්තර විස්තර මැන ගැනීම සඳහා ද ප්‍රධාන පරික්‍රමණයේ මැනුම් ලක්ෂය වලට ම යා වන සේ මැනුම් රේඛා පිළියෙල කර ගත යුතුය.
ප්‍රථමයෙන් ප්‍රධාන පරික්‍රමණය මැන ගන්න. එසේ මනින ගමන් ම අභ්‍යන්තර විස්තර පරික්රමණවල ආරම්භක රේඛා ද මැන ගන්න. ප්‍රධාන පරික්‍රමණය මැන අවසානයේ එයට අවශය ශෝධනයන් යොදා ඛණඩාංක නිවැරදිව සොයා ගන්න. එම මැනුම් ලක්ෂයයේ පාලන ලක්ෂයයන් සේ භාවිතා කරමින් විස්තර පරික්‍රමණ මැන ගන්න. මට්ටම් ගැනීනම් දී ද මේ ක්‍රමය අනුගමනය කෙරේ.
මෙලෙස පූර්ණනයෙන් කොටසට මැනීමේදී ඉතා ඉක්මනින් හටගැනෙන සුළු දෝශ අභයේතරයේ සිට පිටතට විහිදී යාම වැලකේ. එසේ නොවුනහොත් අභයේතරයේ හට ගැනෙන සුළු දෝශ අවසානනේදී පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රචාරනය වීමට ඉඩ ඇත. මෙහිදී ආවේක්ෂණ් කටයුතු පහසු වේ. දෝශ මගහැරේ. මැනුම් කටයුතු සරල වේ.
බිම් මැනුම් වර්ගීකරණය. (Classification of Land surveying)
- අරමුණ අනුව. (Based on Purpose of Survey)
- භාවිතා වන උපකරණ අනුව. (Based on Instrument Used of Survey)
- මනිනු ලබන ස්ථානය අනුව. (Based on the Place of Survey)
අරමුණ අනුව. (Based on Purpose of Survey)
- ඉංජිනේරු මැනුම්.( Engineering Surveys)
- ආරක්ෂක මැනුම්. ( Defense Surveys)
- භූ විද්‍යාත්මක මැනුම්.(Geological Surveys)
- පතල් මැනුම්. (Mine Surveys)
- පුරාවිද්‍යාත්මක මැනුම්. (Archeological Surveys)
- කෘෂිකාර්මික මැනුම්.(Agricultural Surveys)
- වනසංරක්ෂණ මැනුම්.( Forest Surveys)
- තක්සේරු මැනුම්. (Valuation surveys)
භාවිතා වන උපකරණ අනුව. (Based on Instrument Used of Survey)
- දම්වැල් මැනුම්. (Chain Suvs. )
- මාලිමා මැනුම්. (Compass Suvs.)
- විකෝණමාන මැනුම්. (Theodolite Suvs.)
- ත්‍රිකෝණමිතික මැනුම්.(Triangulation Suvs.)
- ටැකියෝමිතික මැනුම්. (Tachometric Suvs.)
- සමතල මේස මැනුම්. (Plane Table Suvs. )
- ගුවන් මැනුම්. (Aerial Suvs.)
මනිනු ලබන ස්ථානය අනුව. (Based on the Place of Survey)
- බිම් මැනුම. (Land Surveys)
- භූ ලක්ෂණාත්මක මැනුම. (Topographical Surveys)
- කැඩැස්තර මැනුම. (Cadastral Surveys)
- ජලමාන මැනුම. (Hydrographic Surveys)